හරිශ්චන්ද්‍ර විද්‍යාලයට සාදරයෙන් පිිළිගනිමු !
වැව් බැදි රජරට පුරුවරයේ ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ සිසිලෙන් සනහාල අනුරාධපුර දිස්ත්‍රීකයේ පිහිටා ඇති රාජාංගනය ජලාශයේ සිසිලසින් පහස ලබන කුඹුරු යායවල් වටකරගත් සුන්දර වටපිටාවක් මධ්‍යයේ පිහිටා ඇති අප පාසල හෙට දින පිපනේනට වෙර දරණ නැණ ගුණ පිරි දීප්තිමත් සිසු කැළක් සිටින කීර්තිමත් විදුහල් මාතාවකි.
හරිශ්චන්ද්‍ර මාතාව තුළ 6 – 13 දක්වා ශ්‍රේණි ක්‍රියාත්මක වේ. 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ වෘත්තීය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ.








