|
1971 - 1977 |
එම්. අබේසිංහ මහතා |
![]() |
ඔහු අප විද්‍යාලයේ පළමු විදුහල්පති වරයා විය.අවුරුදු හයක පමණ සේවා කාලයක් හිමි කර ගත් අතර එතුමා 1 ශ්‍රේණායේ විදුහල්පති වරයෙක් වශයෙන් වැඩබාර ගත්තේය.මෙම කාලය අතරතුර ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පාසල නිවැරදි ගමන් මාවතකට යොමු කරමින් රටට දැයට වැඩදායී පුරවැසියන් විශාල පිරිසක් බිහි කළේය. මෙම කාලවනවානුවේ දී සිසු දරු දැරියන් අධ්‍යාපන මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද නොයෙකුත් ජයග්‍රහන ලබා ගත්තේය. |
|
1977 - 1977 |
ජී ආරියබන්දු මහතා |
![]() |
මෙතුමා ඉතා කෙටි කාල වකවානුවක විදුහල්පති වරයා වශයෙන් සේවය කලේය. සිසුනගේ අධ්‍යාපන කටයුතු නිසි ආකාරයට පවත්වා ගෙන යාමට කටයුතු සිදු කලේය.පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දීප්තිමත් අනාගතයක් උදා කර දිමට උත්සහ ගත්තේය. |
|
1977 - 1999 |
ආර්.ජී. විජේසේන මහතා |
![]() |
අවුරුදු 22 පමණ සේවා කාලයක් හිමි කර ගනිමින් පාසලට ඉතා විශිෂ්ඨ නායකත්වයක් ලබා දුන්නේය. මේ කාලවකවානුවේ දී පාසලේ සුවිශේෂී වෙනස්කම් රාසියක් සිදු විය. පාසලට බුදු මැදුරක් ලැබීම, අධ්‍යන කටයුතු සඳහා තවත් ගොඩනැගිල්ලක් ලබා ගැනීම, 1992 වර්ෂයේ දී නවීන පහසුකම් සහිත විද්‍යාගාරයක් ලබා ගැනීම හා 1998 වර්ෂයේ දී නවීන තාක්ණික පරිගණක සහිත පරිගණක විද්‍යාගාරයක් ද ලබා ගැනීම සිදු කළේය. එසේම මෙම කාලය වන විටි පාසලේ සිසුන් 1500යකට පමණ අධ්‍යාපනය ලබා දෙමින් ඔහුන්ගේ අනාගතය ගොඩනැංවීමට ද විශාල දායකත්වයක් ලබා දුන්නේය. |
|
1999 - 2003 |
බී. රත්නායක මහතා |
![]() |
පාසලේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනාගත ලෝකයට වැඩදායී පුරවැසියන් බවට පත් කිරීමට මෙතුමා ද ඔහුගේ වසර 4 ක සේවා කාලය තුළ ඉතා උපරිමයෙක් කටයුතු කළ විදුහල්පති වරයෙක් විය. පාසලේ තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් අධ්‍යාලනය ලබන සිසුන් සඳහා උපරිම අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය නායකත්වය නොවඩුව ලබා දුන්නේය. |
|
2003 - 2004 |
එච්.බී. විජේනායක මහතා |
![]() |
ඉතා කෙටි කාල සීමායකට තම ධූරකාලය සීමා වුවද තමාලෙන් පාසල් ප්‍රජාවට ලබා දිය යුතු සේවාව නියමිත ආකාරයට ලබා දීමට මෙතුමා කටයුතු කළේය. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දීප්තිමත් අනාගතයක් උදා කර දිමට උත්සහ ගත්තේය. |
|
2004 – 2005 |
ඩබි. එම්. ජයතිලක මහතා |
![]() |
ඉතා කෙටි කාල සීමායකට තම ධූරකාලය සීමා වුවද තමාලෙන් පාසල් ප්‍රජාවට ලබා දිය යුතු සේවාව නියමිත ආකාරයට ලබා දීමට මෙතුමා කටයුතු කළේය. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දීප්තිමත් අනාගතයක් උදා කර දිමට උත්සහ ගත්තේය. |
|
2005 - 2016 |
ඩී.එම්.අතලගේ මහත්මිය |
|
|
මෙතුමිය මේ දක්වාම මෙම පාසලේ සේවය කළ පළමු කාන්තා විදුහල්පති වරිය විය. වසර 11ක සේවා කාලයක් මෙම පාසලේ සුභ සිද්ධිය උදෙසා තම නායකත්වය ලබා දුන්නේය.ඇයගේ නායකත්වය යටතේ 2013 වර්ෂයේ දී මහින්දෝදය තාක්ෂණිය විද්‍යාගාරයක් පාසලට හිමි කර ගත්තේය. එසේම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද රටට වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු නිසි ආකාරයට සිදු කරමින් ඉතා විශිෂ්ඨ සේවයක් මෙම පාසලට අත් කර දුන්නේය. |
|
2016- 2017 |
පී.ජී.ඩබ්.සරත් මහතා |
|
|
වර්ෂයක පමණ කාලයක් මෙම පාසලේ සේවය කරමින් දුවා දරුවන්ට වටිනා සේවයක් සිදු කිරීමට මෙතුමා තම ධුරකාලය තුළ දී කටයුතු කළේය. පාසල් ප්‍රජාව සමඟ දි සුහඳව කටයුතු කළේය. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතාවයන් විවිධ අංශ වලින් ඉදිරිපත් කරමින් ඔහුන්ගේ පීවිතය අර්ථවත් කර ගැනීමට දායක විය.
|
|
2017 - 2020 |
ඒ.ඒ.අබේනායක් මහතා |
|
|
මෙතුමාගේ සේවා කාලය වසර 3 ක් පමණ විය.එම කාලය තුළ දී පාසලේ කටයුතු උපරිමයෙන් සාර්ථක කර ගැනීමට තම නායකත්වය ලබා දුන්නේය. විද්‍යාලීය ක්‍රීඩා පිටිය සඳහා පැවලියන් ගොඩනැගිල්ලක් ද විද්‍යාලය ඉදිරිපස එළිමහන් වේදිකාවක් ද ඉදි කිරීමට කටයුතු සිදු කළේය.සිසුන්ගේ අධ්‍යාපනය ද නිවැරදි ආකාරයට සිදුකළේය. |


