![]() |
![]() |
“අද දින රාජාංගනය යාය 10 ම.වි. විවෘත කිරීමට ලැබීම ඉමහත් සන්තෝසයට කරුණකි.නිසි අධ්‍යාපන පහසුකම් තවමත් ලැබී නොමැති මෙම ජනපදයට මෙම විද්‍යාලයෙන් මහත් සේවයක් සිදුවේවා යැයි මාගේ පැතුමයි.මෙම මහා විද්‍යාලයේ කිසියම් අඩුපාඩුවක් ඇත් නම් ඒවා යම් කාලයේ දී සම්පූර්ණ කොට අංග සම්පූර්ණ මහා විද්‍යාලයක් බවට පත් කිරීම කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙමි.
මෙවැනි පහසුකම් ඇති මහා විද්‍යාලයක් මෙම වර්ෂය මුල දීම විවෘත කිරීමට ඉඩම් සංවිධාන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේනතුව කටයුතු කිරීම ගැන මාගේ ප්‍රශංසාව හිමිවෙයි.
මෙම විද්‍යාලය දිනෙන් දින දියුණු වේවායි මම ඉතසිතින් ප්‍රාර්තනා කරමි.“
ගරු ක්‍රීඩා හා පාර්ලිමේතු ඇමති


