P.No. (+94) 719032002
Official Email Addres [email protected]
Rajanganaya harischandra m.v
Rajanganaya harischandra maha vidyalaya
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Track 10 Harischandra Vidyalaya

අ/රාජාංගනය යාය 10 හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Track 10 Harischandra Vidyalaya

අ/රාජාංගනය යාය 10 හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

අ / රාජාංගනය යාය 10 හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය 1971 පෙබරවාරි 4 වන දින ආරම්භ කළ අතර පළමු විදුහල්පති වරයා වූයේ ඒ.ඒ. අබේසිංහ මහතාය.පාසල ආරම්භ කර මාස තුනක් පමණ වන විට සිසුන් 500ක් පමණ ඇතුලත් වී අධ්‍යාපනය ලබා ඇත. 1 - 11 ශ්‍රේණි ආරම්භයේ සිට පැවත ඇත.මුල්ම ශිෂ්‍යාව වූයේ මානෙල් ශ්‍රීමතී ශිෂ්‍යාවය.එසේම ආරම්භයේ දීම ගොඩනැගිලි අටක් පමණ විය.එයට අමතරව පාසලේ පුස්තකාලයක්, සෞන්දර්‍ය ඒකකයක්, ගැහැණු පිරිමි වශයෙන් වැසිකිලි හා කැසිකිලි දෙකක් සහ සිසුන්ට අවශ්‍ය ඩෙස් පුටු වලින් ද සමන්විත විය. පාසලේ කාර්යමණ්ඩලයේ පහසුව සඳහා කාන්තා ගුරු නිවාසයක්, පිරිමි ගුරු නිවාසයක්, පවුල් ගුරුනිවාස තුනක් හා විදුහලල්පති ගුරු තිවාසයක් ඇතුළු පහසුකම් වලින් ද සමන්විත විය.

 

1990 දශකය වන විට තවත් ගොඩතැගිල්ලක් තවත්  ලැබුණි.මෙම වර්ෂයේ සිදු වූ තවත් වැදගත් සිදු වීමක් වුයේ පාසලේ බුදුමැදුර පාසලට ලැබීමයි. එමෙන්ම රාජාංගනය ප්‍රදේශයේ පිහිට පාසල් අතුරින් ප්‍රසිද්ධම පාසල බවට පත් වී තිබුණි. එයට හොදම උදාහරණය වූයේ ඒ වන විට පාසලේ සිසුන් 1500 ය ඉක්මවා ගොස් තිබුණිමයි. රාජාංගනය කොට්ඨාසය  තුළ මෙන්ම පළාත් මට්ටමේ සමස්ථ ලංකා ජයග්‍රහන ක්‍රීඩා ඇතුළු නොයෙකුත් අංශ මගින් සිසුන් විශාල පිරිසක් ඉදිරියෙන් සිටිම දැකගත හැකි විය. සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ද ඉතා ඉහළ මට්ටමක තිබුණි. මේ වන විට මෙම පාසලේ කලා හා වාණජ විශය ධාරා පැවති අතර ඒ සඳහා ඉතා විශාල සිසුන් පිරිසක් ඇතුලත් වී තිබුණි.මේ පිරිස අතුරින් සැලකිය යුතු සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල වරම් ද හිමි කරගනු ලැබීය.

 

පසුව 1992 වර්ෂයේ දී නවීණ පහසුකම් සහිත විද්‍යාගාර‍යක් ද 1995 දී තවත් ගොඩනැගිල්ලක් 1998 වර්ෂය වන විට සියළු පහසුකම් වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ද ලැබුණි. 2013 වර්ෂය වන විට නවීන පහසුකම් වලින් සමන්විත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් අප පාසලට ලැබුණි.එහි ගණිත විද්‍යාගාරයක්, විද්‍යාගාරයක්, භාෂා විද්‍යාගාරයක්,නැණස දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානයක් හා පර්ගණක විද්‍යාගාරයකින් සමන්විත විය. අනතුරුව 2016 වර්ෂය වන විට පාසලේ පැවති ප්‍රාථම්ක ඒකකය වෙනම පාසලක් ලෙසට වෙන් වී ගියේය. එම සිදු වීමත් සමඟ මෙම පාසල 1 ඒබී ලෙසට පරිවර්තනය විය. පාසලේ ශ්‍රේණි 6 - 13 දක්වා සීමා විය.උසස් පෙළ විෂය ධාරාව සඳහා විද්‍යා විෂය ධාරාව ද ඇතුළත් විය.ඒ සඳහා අවශ්‍ය ගුරු මණ්ඩලය ද පාසල වෙතට ලැබුණි.ආරම්භයේ සිට මේ දක්වා පාසලට, පාසල් පෝෂිත ප්‍රදේශයන් අගනා දායකත්වයක් ලැබීම ද පාසලේ මේ දක්වා ගමන් මඟට මහගු පිටිවහලක්  විය.

 

2018 වර්ෂය පමන වන විට පාසලේ ඒ වන විට පැවති පුස්තකාලය වෙනුයට නවීන පහසුකම් වලින් සමන්විත පුස්තකාලයක් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණි. එහි දී ප්‍රතිශංකරණය කරන ලද ගොඩනැගිල්ලක්, අළුත් පොත් පත්, හා ගොඩනැගිල්ලට අවශ්‍ය ඩෙස් පුටු වලින් ද සමන්විත විය.  2023 වර්ෂය වන විට විදුහල්පති වරුන් 8 දෙනෙතුගේ පරිපාලනයක් පැවතුණි. සිසුන් 650 කය අධික ප්‍රමාණයක් ද   එසේම ගුරු කාර්ය මණ්ඩලය 41 ක් ද අනධ්‍ය කාර්ය මණ්ඩලය 4 ක් පමණ සේවය කරනු ලබයි. මෙම ආකාරයට  වර්තමානය දක්වා මෙම විද්‍යාලයේ ආගමනය ඉතා අභිමානවත් අයුරින් සිදු විය.

ආරම්භ කළ වර්ෂය

1971 පෙබරවාරි 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් විදුහල්පති තුමාගේ නම

එම් අබේසිංහ මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

08

පාසලේ නම

අ / රාජාංගනය යාය 10 හරිශ්චන්‍ද්‍ර  මහා විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

යාය 10,ගැමුණුපුර, රාජාංගනය

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

මානෙල් ශ්‍රීමතී 

Track 10 Harischandra Vidyalaya

අ/රාජාංගනය යාය 10 හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ගැමුණුපුර. රාජාංගනය

: (+94)719032002

: [email protected]

Supported By

© 2026 Track 10 Harischandra Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk