- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය
- නොපැමිණි දිනවල එයට හේතුව දක්වා පසුදාට ගුරු - දෙගුරු සිසු සම්බන්ඳතා පොත පන්තිභාර ගුරුභවතාට ඉදිරිපත් කළ යුතුයි.
- හදිසි අසනීපයක දී හෝ භාරකරුගේ ඉල්ලීමක දී හැර පාසලට පැමිණි පසු යළි අවසර නැතිව බැහැර විය නොහැක.
- අංග සම්පූර්ණ නිළ ඇදුමින් පාසලට පැමිණිය යූතුය
- පාසල තුළත් ඉන් පිටත දීත් නිරතුරුවම විනීතව හැසරිය යුතුය
- නිරකුරුවම විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් විද්‍යාලයේත් තමා ඇතුළු සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් දෙමාපියන්ගේත් ගෞරවය රැකෙන ලෙස කටයුතු කළ යුතුය
- සියළුම සිසුන් තම සහෝදර සහෝදරියන් ලෙස සළකා ඇසුරු කළ යුතු අතර එය ඉක්මවීම හෝ ප්‍රේම සම්බන්දතා පැවැත් වීම නොකළ යුතුයි.
- පාසලේ දී පවරණ ලද විෂය හා විෂය සමගාමී කටයුතු නොපමාව ඉටුකළ යුතුයි.
- කිසිය අවස්ථාවක අනවසර පුද්ගලයින් පාසල තුළට කැඳවාගෙන ඒමෙන් වැළකිය යුතුයි.
- පාසල් සීනුවට සෑම විටම අවනත විය යුතු අතර කාළසටහනට අනුව ඉගෙනීමේ කටයුතු සිදු කළ යුතුයි.
- විවේක කාලයේ දී හා පන්ති කාමරයේ දී ඉගෙනුම් ක්‍රියාවලියේ දීත් අන් අයට කරදරයක් නොවන ලෙස කටයුතු කළ යුතුය.
- පන්ති අතර මාරු වීම් රැස්වීම් වලට සහභාගී වීම් ක්‍රීඩා පිටියට පැමිණිමේ දී මෙන්ම පාසල නිම වී පිටවීමේ දී පෙළගැසී කණ්ඩායමක් ලෙස ගමන් කළ යුතුය.
- ඔබගේ අධ්‍යාපන හෝ පෞද්ගලික ගැටළුවක් වෙතොත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලය දැනුවත් කර වහාම විසදා ගත යුතුය.
- පාසල තුළ ගත කරන මුළු කාලය තුළම සෑම ගුරුවරයෙකුටම කීකරුව වීනීතව හැසිරිය යුතුයි.
- පාසල් සංස්කෘතිය හදුනාගෙන ඊට අනුගත විය යුතු අතර පාසල් විනය නීති පද්ධතිය හා ආචාර්‍ය ධර්ම පද්ධතිය අනුගමනය කළ යුතුයි.
- සෑම විටම ළමා ගති ඇති යහපත් අනාගත අපේක්ෂා ඇතිව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවක් ලෙස කටයුතු කළ යුතුයි.
- කිසි විටකත් අසභ්‍ය දේ ජංඟම දුරකථන ගුරුවරයෙකුගේ අනුමැතියකින් තොර වෙනත් උපකරණ , මත්ද්‍රව්‍ය ගණයට අයත් සියළු දේ , ආයුධ හා ආබරණ ආදිය මෙන්ම තමන්ට හා අන් අයට හානි කර කිසිවක් පාසල තුළට ගෙන ඒම හෝ ලග තබා ගැනීම සපුරා තහනම්.
- හදිසි අවස්ථාවක දී ආපදා තත්වයක් හෝ කිසිවෙකුට හැනිවිය හැකි තත්වයක් හෝ විනාශකාරී තත්වයක් වෙතොත් වහාම විදුහල්පති තුමා හෝ අචාර්‍ය මණ්ඩලයේ කිසිවෙකු හෝ දැනුවත් කිරීම කළ යුතුය.
- විශේෂ රදවා ගැනීමේ අවස්ථාවක දී හැර පාසල නිමා වූ වහාම පාසලින් බැහැර වී නිවෙස් කරා යා යුතුය.
- ගුරුවරයෙකු නොමැතිව අවේලාවේ පාසලේ රැදී සිටීම තහනම්ය.
- සියළුම සිසුන්ට ජංගම දුරකථන හා විද්‍යුත් දත්ත ගබඩා උපකරණ පාසල වෙත ගෙන ඒම, ලඟ තබා ගැනීම, අනවසරයෙන් භාවිතා කිරීම සපුරා තහනම් වේ.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි