විදුහල්පති පණිවිඩය
අ / රාජාංගනය යාය 10 හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

"වැව් බැදි රජරට පුරවරයේ ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ සිසිලෙන් සනහාලන උතුරුමැද පළාතේ තඹුත්තේගම කලාපයේ රාජාංගනය කොට්ඨාසයේ පිහිටියා වූ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය වැඩ ලෝකයට පිවිසමින් විශිෂ්ටත්වය කරා පිය නැගීමට වෙර දරණ දීප්තිමත් සිසු කැළක් සිටින කීර්තිමත් පාසලකි. අප විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් රාජාංගනය කොට්ඨාසය තුළ, පළාත තුළ මෙන්ම ජාතික මට්ටමෙන් ද ඉතා විශාල ජයග්‍රහන රැසකට හිමි කරුවන් වී ඇත. විද්‍යාලය තුළින් විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසු දරුවන් ද විශාල ප්‍රමාණයක් සිටින අතර පාසලෙන් බිහි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අප රටේ පෙරගමන් කරුවන් වී රටට දැයට මෙන්ම වෙනත් රාජ්‍යන් තුළ ද තම ජීවිතය සාර්ථක කර ගනිමින් ලෝකයට සුවිශේෂී මෙහෙවරක් කරමින් සිටි."
මෑත කාලීනව අප විද්‍යාලය සෞන්දර්ය අංශයෙන්, තොරතුරු තාක්ෂණය අංශයෙන් හා ක්‍රීඩා අංශ වලින් ද නොයෙකුත් ජයග්‍රහන ලබා ගනිමින් කීර්තිමත් ලෙස කලාපයේ පෙරමුනේම සිටි.වර්තමාණයේ තොරතුරු තාක්ෂණයේ පවතින දියුණුවත් සමඟ මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් සිසුන් හට නව මාවතක් ඔස්සේ තොරතුරු හුමාරුවට අවස්ථාව උදා වනු ඇතැයි මා විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය හරහා සම්බන්ඳ වන ඔබ සියළු දෙනා හට අප විද්‍යාලයේ ප්‍රගමනයට දායකත්වය ලබා දෙන ලෙසට ආරාධනා කරමි.එසේම මෙම කාර්යය සාර්ථකව අවසන් කිරීමට දායකත්වය දැක්වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර මෙම කාර්යට දායක වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හා යහගුණයන් ද දිනෙන් දින වැඩිදියුණු වේවායි ප්‍රාර්ථනා කරම