නියෝජය විදුහල්පති පණිවිඩය
අ / රාජාංගනය යාය 10 හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

රාජාංගනය යාය 10 හරිසඳු විදුහල තුළ එහි අභිමාණය දරා ගනිමින් එහි වර්තමාන දියුණුව වෙනුවෙන් කැපවීමට ලැබීම මා සතු භාග්‍යක් ලෙස සළකමි. එසේම නියෝජ්‍ය විදුහල්පති ලෙස මෙහි කටයුතු කිරීමට ලැබීම මට මහත් ගෞරවයක් ලෙස සලකමි.
ගෙවී ගිය දශන දෙකකට ආසන්න කාල සීමාව සැලකූ විට ලෝක ඉතිහාසය තුළ සුවිශේෂී තාක්ෂණික වෙනස්කම් සිදු වු කාලයක් ලෙස ගත හැකි අතර මෙහිදී තොරතුරු තාක්ෂණයේ හා සන්නවේදනයේ සිදු වූ දියුණුව විශේෂ වේ. එවන් අවධියක අප පාසලේ වෙබ් අඩවිය දියත් කරන අවස්ථාව සඳහා සුභාශින්නන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ මට දැනේ.මේ සඳහා කැප වූ විදුහල්පති තුමා ඇතුළු තොරතුරු තාක්ෂණ ඒකකයේ සියළු ගුරුවරුන් හා දරුවන්ටත් අනෙක් සියළු දෙනාටත් සුභ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
"නව පහසුව සඳහා තාක්ෂණය හා බුද්ධිය කැටිකර ගත් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙන්ම අනාගත ලෝකය තුළ ගුණයෙන් හා ප්‍රඥාවෙන් යුක්ත දරු පරපුරක් බිහි කරලීම ඉලක්ක කර ගනිමින් අපගේ ආදර්ශ පාඨය වන “අසමු දරමු හැසිරෙමු” යන තේමාවට අදාළව වඩාත් යහපත් පුරවැසියෙකු බිහිකිරීම අපගේ ඉලක්කයයි. වර්ථමාන පරපුරේ ආකල්ප හා සාරධර්ම බලගැන්වීම ඇත්තෙන්ම වෙහෙසකර කාර්යයක් වුවත් ඒ සඳහා කැපවන අපගේ ආචාර්ය මණ්ඩලය , දෙමාපියන්, ආදී සිසුන්,සුභපතන්නන් මෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලයේ කැපවීම අප සිසුන්ගේ පෞර්ෂය මෙන්ම යහපත් ගුණාංග වලින් පොෂණයට ද හේතු වී ඇති බව මාගේ විශ්වාසයයි."
මාගේ දයාබර දූ පුතුන් මෙම අනාගත අභියෝගයන්ට වඩාත් සාර්ථකව මුහුණ දෙමින් ඉසුරුමත් ගමනක් යාමට අපි ඔබට ආරාධනා කරමු.
හරිසඳු විදුහල් මාතාවගේ කීර්තිය හා ජය ගොස සැම ක්ෂේත්‍රයක් පුරාම පැතිරී යනු ඇතැයි ද මේ අපගේ පුණ්‍ය භූමියට සාමය හා සමෘද්ධිය පහළ වේවායී කියා මම ශුභ ප්‍රාර්ථනා කරමි.